බෝඹුරු ඇල්ල (පේරවැල්ල ඇල්ල )

මෙම ඇල්ලට මාර්ගය වන්නේ වැලිමඩ සිට අඹගස්දොව උඩුහවර හරහා ඇති කිලෝමීටර් 17ක් දුර මාර්ගය ,එහෙත් මෙයට යෑමට පහසුම තවත් මාර්ගයක් තියනව,එනම් නුවරඑළිය හක්ගල පසුකරමින් එනකොට රේන්දපොල හංදිය හම්බෙනව එතනින් හැරිල කිලෝමීටර් 8ක් එනවිට බෝඹුරු ඇල්ල හමුවෙනව නුවරඑළියේ සිට දුර කිලෝමීටර් 15යි.මාර්ගය දෙකම කාපට් අතුරල තියෙන්නෙ ඒ වගෙම එකම තැනට වැටෙන්නේ,නුවරඑළිය හරහා යන එක තමයි පහසුම. දිය ඇල්ල පාමුලට යෑමට ප්රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 1ක් පමණ ස්වාභාවික වන රොදක් මැදින් ගමන් කල යුතුය.


බොඹුරු ඇල්ල යනු ලංකාවේ පළලතම දිය ඇල්ල ලෙස සැලකෙන දිය ඇල්ලයි. බෝඹුරු ඇල්ල, පේරවැල්ල ඇල්ලයනුවෙන්ද හදුන්වයි. එය නුවරඑළිය සහ බදුල්ල දිස්ත්රිබක්ක මායිම් වලට සමීපව, වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 15 ක් පමණ දුරින් ඌව-පරණගම ප්රාසදේශීය ලේකම් වසමේ පෙරවැල්ල ගම්මානයේ සීතා එළිය- කඳපොල රක්ශිතයේ පිහිටා තිබේ.

උසින් මීටර් 50ක් පමණ වන දිය ඇල්ල පලලින් මීටර් 20ක් පමණ වේ.මහවැලි ගඟේ ප්රoධාන අතු ගංගාවක් වන දූල්ගල ගඟ මීටර් 1842 ක් පමණ උස කොටකිතුල් කන්දේ බෑවුමක පිහිටි ගල් පවුවකින් කොටස් හතරක් පමණ වෙන්ව ඇද හැලීමෙන් මෙම සුන්දර ඇල්ල නිර්මාණය කරයි.මෙම අතු ගංගාව දිය ඇල්ලේ පහත ප්ර්දේශයේදී උමා ඔය ලෙස හදුන්වයි.

දෙවැනි රාජසිංහ රජුගේ ඇතා කුලප්පු වී බැඳ තිබූ දම්වැල් කඩාගෙන වන වැදී ඇත. ඇතා ඇල්ලීමට ඇත් ගොව්වන් කිසිවෙකුත් සමත් නොවීය. ඇතා අල්ලා දෙන කෙනකුට ගම්වරක් තෑගි දෙන බව රජු අණබෙරයක් මඟින් ප්රසිද්ධ කළේ ය. මෙම ප්රදේශයේ විසූ වනසිංහ මුත්තා ඇතා අල්ලා බෝ ගසේ මුලක බැන්දේ ය. ඇතා බැන්දේ බෝමුලේ නිසා ගම ද ‘බෝමුලේ’ නමින් ව්යවහාරයට පත් විය. බෝමුලේ පසුව ‘බෝඹුරේ’ විය. ගම දියුණුවී වැලිමඩ සිට මාර්ගය තැනුණාට පසු ගම රටේ ම ප්රසිද්ධ විය යුතු යයි සිතා ඊට දිය ඇල්ලේ නම ද ඇඳමින් ‘බෝඹුරු ඇල්ල’

You may also like...