කළු රොබින් හුඩ්ගේ රාජධානිය – කාසල් රොක්

සතර කෝරළයට අයත් ගලබඩ කෝරළයේ එක් පැත්තකින් අලගල්ලත් අනෙක් පසින් බතලේගලත් අනික් පසින්බලන දුර්ගයටත් මැදිව මාඔය (මහඔයේ)) නිම්නයේ සාරවත් කෙත්වතු අතර පිහිටා ඇති මෙය කොළඹ – නුවර මාර්ගයේ මාවනැල්ල නගරය පහු කල විට වම් පසින් දක් නට හැකිය .යුරෝපයේ ඇති රයින් මාලිගයේ දුම් කුලුනේ හැඩයට සමාන ලෙස දිස් වීම හේතුවෙන් සුදු ජාතිකයන් මෙමෙ පර්වතය “කාසල් රොක්” ලෙස හඳුන්වනු ලැබිය .

කෙසේ වෙතත් ලාංකිකයන් අතර මෙන්ම සුදු ජාතිකයන් අතරද මෙම පර්වතය ප්‍රසිද්ද වීමට හේතුව වූයේ භයානක සොරෙකු, කළු සුද්දන්ට මංකොල්ල කරුවෙකු, කපටි මරක්කල වෙළෙන්දන්ට කප්පම් එකතු කරන්නකු වුවත් ඉංගී‍්‍රසි අධිරාජ්‍ය වාදීන්ගෙන් පෑගී මිරිකී ගිය අපේම දුප්පත් පොදු ජනතාවට සරදියෙල් වීරවරයෙක් වූ, මර උණ ගැන්වූ කළු රොබින් හුඩ්,එනම් උතුවන්කන්දේ සූර සරදියෙල් නිසාය
ගමන් මාර්ගය
- කොළඹ ප්‍රදේශයේ සිට මහනුවර දක්වා ගමන් කරන විටදී කෑගල්ල නගරයත් මොලගොඩ ප්‍රදේශයත් ඔබ පසු කර වම් අතපසට ‘උතුවන පාර’ නමින් පාරක් හමුවන අතර , කි.මි.1ක් පමණ ගිය පසු හමුවන දෙමංසන්ධියෙන් වමට (කන්ද උඩට) තරමක් දුර ගිය පසු ඔබගේ රථය ගාල් කර පාගමිනින් කන්ද තරණය කළ යුතුය.
- මහනුවර දෙසින් නම් මාවනැල්ල නගරය පසු වී කි.මි.2ක් පමණ කොළඹ දෙසට ධාවනය කළැ යුතුය. මාවනැල්ල පසු කර එන ඔබට උතුවන පාර උතුවන්කන්ද මංසන්ධිය පසුකරනවාත් සමඟම සොයා ගත හැකිය ඇත.
1850 – 1860 දශකය වන විට සරදියෙල් පිළිබඳ ප්‍රවෘත්තිය මුළු රට පුරා පැතිර ගිය අතර එය බ්‍රිතාන්‍ය කිරීටයත් දැනගත හැකි විය. මේ හේතුව නිසාම සරදියෙල් ගැන ඔත්තුවක් දෙන ඕනෑම අයෙකුට පවුම් 100 ක් වැනි විශාල මුදලක් ලබා දෙන බව බ්‍රිතාන්‍ය කිරීටය ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කළේ සරදියෙල් ඔවුන්ට පහසුවෙන් මෙල්ල කළ නොහැකි අභියෝගයක් වූ බැවිනි. සරදියෙල් අල්ලා ගැනීමට අවස්ථා කිහිපයකදී ලංකා පොලීසිය උත්සාහ කළ නමුත් එම උත්සාහයන් ව්‍යවර්ථ වී ගියේ ඔහුට ආරක්‍ෂාව සැපයීමට ඔහුගේ සගයන්, මාවනැල්ල ප්‍රදේශයේ සාමාන්‍ය ගම්වැසියන් පමණක් නොව උතුවන්කන්දත් ඒ ආශි‍්‍රත ප්‍රදේශයත් හේතු වූ නිසාය.

එක් අවස්ථාවකදී සරදියෙල් අල්ලා ගැනීමට පොලීසියෙන් පැමිණෙන විට සරදියෙල් උතුවන්කන්දෙන් බැස අසළ ඇති වෑගන්තලේ නමැති ගම හරහා දිව ගොස් මහඔයෙන් එගොඩට දිව ගිය බව කියයි. එසේ ඔහු පැන යන්නේ “බෝ ඇල්ල” නමැති කුඩා දියඇල්ල උඩින් එගොඩට පැමිණීමෙනි. බෝ ඇල්ල යනු අඩි 13 ක් පමණ ගල් මුවදොරක් තුළින් මහඔයේ සමස්ත ජල කඳම ගලා යන සම්පූර්ණ ගලෙන් ස්වාභාවිකම නිමවුනු ගල් වක්කඩකි. මෙය සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වන අතර සරදියෙල් ඉන් එගොඩට පනින නමුත් පොලිස් නිලධාරීන්ට ඔහුට මෙන් සුරුවිරුකම් කළ නොහැකි නිසා පොලීසිය ආපසු හැරී යන බව වෑගන්තලේ ගැමියෝ කියති.
විශේෂ සටහන්:
1.ජලය නොමැත .ජලය රැගෙන යන්න .
2,ගුහා තුලට පිවිසීමට අදහස් කරන්නේ නම් දීප්තිමත් ආලෝකයක් රැගෙන යන්න
3නෑම සඳහා බෝ ඇල්ලට යා හැකි අතර .ඒ සඳහා ගූගල් සිතියම මෙතනින්
4.පර්වතයට හැරෙන මාර්ගයේ මද දුරක් ඉදිරියට ගමන් කල විට සරදියෙල් ගම්මානය හමු වන අතර ,ප්‍රවේශ පතක් ලබා ගත යුතුය .නමුත් ඔබගේ දැනුමට යමක් එමගින් ලබා ගැනීමට හැකි බව මාගේ අදහසය
5.සරදියෙල් ගම්මානයේදී ඔබට සාදාරන මුදලකට ගමේ ආකාරයට ආහාර පාන ලබා ගත හැකිය .
6.ඕනෑම ප්‍රාවාහන මධ්‍යකින් පහසුවෙන් මෙම ස්ථාන දෙකටම ගමන් කල හැකි අතර .බෝ ඇල්ලට නම් මද දුරක් ගම ඇතුලට ගමන් කල යුතුය .